මෙරට කාන්තා දේශපාලනඥයන් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවට ලක් කරන පුද්ගලයින් පිළිබඳ විමර්ශන පුළුල් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
ඒ, එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි විෂමතා දුරැලීමේ ජාතික කමිටුව මගින් මෙරට තත්ත්වය පිළිබඳ සමාලෝචනය කර ඇති පසුබිමකදී ය.
ශ්‍රී ලංකාව “කාන්තාවන්ට එරෙහි සියලු වර්ගයේ විෂමතා නාශනය” පිළිබඳ සම්මතයට අත්සන් තබා ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
එමගින් මෙරට රජය රටේ කාන්තාවන් මුහුණ දෙන සියලු වර්ගයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ අන්තර්ජාලය මගින් සිදු කරන අනුචිත ක්‍රියාවන් වැළැක්වීමට වගකිය යුතු වෙයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව රජයෙන් ඉල්ලා සිටින්නේ පසුගිය වසරේ සම්මත වුණු කාන්තා බලගැන්වීමේ පනත ප්‍රකාරව අන්තර්ජාලය මගින් කාන්තාවන්ට සිදු කරන අපහාසයන් හා අසාධාරණ ක්‍රියාවන් මැඩපැවැත්වීමට මැදිහත් වන ලෙසයි.