ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට රට පාලනය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ලැබූ පරාජය හමුවේ දේශපාලනයෙන් සමුනොගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
“එහෙම සමුගන්නෙ නෑ” ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවැසීය.
තම පක්ෂය අපේක්ෂා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව ලැබී ඇති බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තමාට කනගාටුවක් ඇති බවද හෙතෙම සඳහන් කළේය.