2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:24
නවතම පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියකගේ මව බන්ධනාගාරයේදී මියයයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇය පසුගිය ජූලි 11 වැනිදා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි. මෙම ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

මේ අතර, ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, ඔහුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය ජූලි 09 වැනිදා මැලේසියාවේ සිට තායිලන්තය බලා බෝට්ටුවකින් පළායමින් සිටියදී මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවට මුලින් වාර්තා විය.

මෙම පුවත මෙරට පොලීසිය විසින් තහවුරු කිරීමෙන් අනතුරුව, ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මැලේසියාවටත්, තවත් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර හැරීමට පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත්, නවතම පොලිස් ආරංචි මාර්ග පවසන්නේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු තිදෙනා මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා ගොස් ඇති බවයි. ඒ අනුව, ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට (ජූලි 14) දිනයේදී යළි මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories