2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:40
නවතම පුවත්

ගම්පහ රෝහලේ අවුලක්: විශේෂඥ වෛද්‍යවරු විරෝධයක

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී දෙසැම්බර් 10 වන දින සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (AMS) විසින් සිය දැඩි කනස්සල්ල සහ විරෝධය ප්‍රකාශ කරයි. එහිදී රෝහල් පරිපාලනය විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ (PSC) නිල තීරණයකට පටහැනිව කටයුතු කර ඇතැයි සංගමය චෝදනා කරයි.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අනුමත කරන ලද ශල්‍ය වෛද්‍ය තනතුරු තුනක් ඇති අතර, එක් තනතුරක් පුරප්පාඩු වීමෙන් පසු, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මාරු මණ්ඩලයේ නිර්දේශය මත කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු එම තනතුරට පත් කරන ලදී. අදාළ නිලධාරියා නීත්‍යානුකූලව තම පෙර සේවාවෙන් නිදහස් වී, ඊයේ (10) දින සිය රාජකාරි භාර ගැනීමට පැමිණියේය.

කෙසේ වෙතත්, රාජකාරි භාර ගැනීමට ඉදිරිපත් වූ අවස්ථාවේදී, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඔහු භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත්වීම් නියෝගය කෙලින්ම නොසලකා හැර ඇත. මෙම ක්‍රියාවට හේතුව බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් ලබා දුන් උපදෙස් බව පෙනී යන බව පවසන වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය, මෙම ක්‍රියාව පරිපාලන සම්මතයන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් සහ පිළිගත නොහැකි වෘත්තීය හිංසනයක් ලෙස සලකයි.

මෙම ක්‍රියාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝග පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බවත්, පත්වීම් ලැබූ ශල්‍ය වෛද්‍යවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය හැකි බවත් සංගමය පෙන්වා දෙයි. එමෙන්ම, විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ට ප්‍රාදේශීය/දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට වාර්තා කිරීමකින් තොරව කෙලින්ම පත්කළ ස්ථානයට වාර්තා කිරීමට ඉඩ දිය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2016/04/23 දින නිකුත් කරන ලද චක්‍රලේඛයට ද මෙය පටහැනි වේ.

වෛද්‍ය විශේෂඥයන් අතර අසහනය ඇති කරන අතර රාජ්‍ය සෞඛ්‍ය අංශයේ ස්ථානමාරු ක්‍රියාවලියේ අඛණ්ඩතාවයට හානි කරයි. වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ පරිපාලන නිලධාරීන්ගේ මෙවැනි ස්වයංවිනිශ්චිත ක්‍රියා අත්‍යවශ්‍ය වෛද්‍ය වෘත්තිකයන්ගේ ස්ථායිතාවට හා චිත්ත ධෛර්යයට තර්ජනයක් වන බවයි. රට ඉහළ පුහුණුව ලත් විශේෂඥයින් රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය තුළ රඳවා ගැනීමට වෙර දරන මෙවැනි අවස්ථාවක, මෙවැනි සිදුවීම් අහිතකර වන අතර නැවත සිදු නොවිය යුතුය.

AMS විසින් සියලුම සෞඛ්‍ය පරිපාලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණ අනුමත කරන ලෙසත් නිසි ක්‍රියාවලියට ගරු කරන ලෙසත්ය. කෙසේ වෙතත්, මෙම ගැටළුව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අර්ජුන තිලකරත්න මහතාගේ මැදිහත්වීමෙන් විසඳී ඇති බවත් ඔවුන් කියා සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories