2026 ජූලි 28 අඟහරුවාදා, 07:38
නවතම පුවත්

අධ්‍යාපනයට දෙනවා කිව්ව 6% අයවැයේ කෝ ?

බලයට පත්වීමට පෙර දී අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අයවැයෙන් සියයට හයක් වෙන් කරන බවට පොරොන්දු වූ වත්මන් රජය, මේ වසරේ අයවැය තුළින් එම අංශය සඳහා වෙන් කර ඇති මුදල වැඩි කර ඇත්තේ දශමයකටත් වඩා අඩු ප්‍රමාණයකින් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.

වෙනත් පාලන සමයන්වල දී අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධතා දැක්වූ අද සිටින ආණ්ඩු පක්ෂය, පසුගිය වසරට වඩා මෙවර අයවැය වැඩි කර ඇත්තේ සුළු දශමයකින් වීම හාස්‍යජනක තත්ත්වයක් බවත්, එය ඔවුන්ගේ වංචනික පාලනයේ සැබෑ ස්වභාවය හෙළිදරව් කිරීමක් බවත් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ අදහසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වැඩිපුර කතා කළ ආණ්ඩුව, සියලු පහසුකම් සහිත පන්ති කාමර (Smart Rooms) වෙනුවෙන් මුදල් වෙන් නොකර, ඉටු නොවන සිහින වට්ටෝරුවක් පමණක් අයවැයෙන් ඉදිරිපත් කර ඇති බවද ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි.

තවද, නිසි පරිදි නොගෙවූ ගුරු වැටුප් ඇතුළු අධ්‍යාපනයේ පවතින බොහෝ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අයවැය මඟින් අවධානය යොමු කර නොමැති වීමද බරපතළ කනගාටුවට කරුණක් බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ පාලනය යටතේ ද රටේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවට ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සිය අසතුට පළ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories