2026 ජූලි 29 බදාදා, 06:18
නවතම පුවත්

නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍ර යථා තත්ත්වයට

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට පත්කර තිබේ. ඒ අනුව ජනන යන්ත්‍ර 02ක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බව එම බලාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පසුගිය 09 වනදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලිබිද වැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මකවීමෙන් එහි ජනන යන්ත්‍ර 03ම අක්‍රීය විය. එමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමි විය.

ඇතිවූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පසුගිය 10 සහ 11 යන දෙදින තුළ පැය එකහමාර බැගින් සහ පසුගිය 13 වනදා පැයක් ලෙස දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය. කෙසේවෙතත් ඊයේ උදෑසන වන විට නොරොච්චෝලේ බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රය පද්ධතියට එක් කෙරුණි.

බලශක්ති අමාත්‍යංශය ඊයේ (14) නිවේදනය කළේ, මේ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව අවසන් කරන බවයි. අක්‍රීයව පැවති නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයද ඊයේ පස්වරුවේ ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම හේතුවෙන් මේ වනවිට එම බලාගාරයෙන් මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories