2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:01
නවතම පුවත්

විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට කැබිනට් අනුමැතිය

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන අයුරින් පරිවර්තනය කිරීමේදී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කිරීම හේතුවෙන් එවැනි ත්‍රිරෝද රථවල තාර බර ඉහළ යාම සිදු වේ. 

එම හේතුව මත එකී ත්‍රිරෝද රථ ලියාපදිංචියේදී මතු වන අර්ථ නිරූපණ ගැටලු නිරාකරණය කිරීම සඳහා ත්‍රිරෝද රථයක උපරිම තාර බර කිලෝග්‍රෑම් 600ක් වන ලෙස මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය සංශෝධනය කිරීම සඳහා 2022-08-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

එහෙත්, එක් ආරෝපණ තත්ත්වයකදී වඩා වැඩි දුරක් ධාවනය කළ හැකි පරිදි බැටරි පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, වායු සමීකරණ සහිත සුඛෝපභෝගී ත්‍රිරෝද රථ සඳහා වැඩි ධාරිතාවක් සහිත බැටරි පද්ධතියක අවශ්‍යතාව සහ විදුලි ප්‍රතිරෝධක මඟින් ක්‍රියා කරන තිරිංග භාවිතයේදී එකතු වන බර වැනි අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, විදුලි බලයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථයක තාර බර බැටරි පද්ධතියේ බර ද ඇතුළුව කිලෝග්‍රෑම් 650 ක් නොඉක්මවිය යුතු වන පරිදි අර්ථ නිරූපණය නැවත සංශෝධනය කරන ලෙස දේශීය වශයෙන් විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන හා පරිවර්තන ව්‍යාපාරයේ යෙදී සිටින කර්මාන්ත කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීම් කර තිබේ.

 ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන යෝජිත සංශෝධනය ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories