” ආණ්ඩුවේ සමහරු කථා කරන්නේ වර්ජනයක් කලාම මහජනතාව අපහසුතාවයට පත් වෙන බව අවුරුදු හැත්තෑවකට පස්සේ අලුතින් හොයා ගත්තා වගේ
ආණ්ඩුව දැණුවත්ව හෝ නොදැනුවත්ව අහුවෙලා ඉන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව පැය 8කට, දවස් 5කට සීමා කරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්යායපත්රයට.
මේ දීමනා කප්පදුව මගින් සෞඛ්‍ය වෘත්තිකයන්ව පොලඹවන්නේ පැය අටක් වැඩ කරලා ගෙදර යන්න කියලා, ඉතුරු ලෙඩ්ඩු පෞද්ගලික අංශයට යවන්න කියලා
වෘත්තීය සමිති විදිහට අපි මොනවා හරි අලුතින් ඉල්ලලා වැඩ වර්ජනය කරනාවා නෙවේ. අවුරුදු හටලිහකට වැඩි කාලයක්, මේ සෞඛ්‍ය සේවාව පවත්වා ගත්ත ක්‍රමය, අත්තනෝමතිකව වෙනස් කරන්න ගිහිල්ලා වෙච්ච වැරැද්ද හදන්න කියලා ඉල්ලමින් කරන අරගලයක් මේක
ආණ්ඩුව, මුදල් අමාත්‍යාංශය වැරැද්ද තේරුම් අරගෙන තියෙන්නේ. අලුතින් මුදල් හොයන්නේ නැතුව, වැරැද්ද නිවැරදි කරන්න පුලුවන් තාක්ෂණික ක්රමවේදත් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒත් වැරැද්ද නිවැරදි කිරීමේ නිහතමානීකම නැති ගැටලුවක් නිසා තමයි අපිට වර්ජනයකට යන්න සිදු වෙලා තියෙන්නේ
ඒ නිසා මේ වර්ජනයෙන් මහ ජනතාවට කිසියම් හෝ පීඩාවක් වෙනවානම්, ඒකේ සම්පූර්ණ වගකීම මේ වගේ වැරදි තීරණ ගත්ත අය සහ, වැරදි බව දැන දැන ඒක වෙනස් නොකරන ආණ්ඩුව සහ මුදල් අමාත්‍යාංශය භාරන්ගත යුතුයි
මේ වර්ජනයෙන් වෘත්තීය සමිති පරාජය වුවහොත් කෙටිකාලයක් ඇතුළත වර්ජන උද්ඝෝශණ නැති පෞද්ගලික අංශයේ සේවාවන් වැඩිපුර ලබා ගැනීමේ වාසනව මහ ජනතාවට ලැබේවි. ඒ නිසා මේ වෙලාවේ දේශපාලන උසිගැනිවීම් වලට වඩා මෙච්චර කාලයක් නිදහස් සෞඛ්‍ය සේවාව ඔබට රැක දුන්න, සෞඛ්‍ය වෘත්තීය සමිති පිළිබඳව විශ්වාසය තියන්න කියල අපි මහ ජනතාවගෙන් ඉල්ලනවා.”