2026 ජූලි 29 බදාදා, 12:32
නවතම පුවත්

බංග්ලාදේශ ගුවන් අනතුර නිසා මරණ 27ක්!

අද (ජූලි 22) බංග්ලාදේශයේ ඩකා අගනුවර පාසල් භූමියකට කඩා වැටුණු බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානා අනතුරින් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් ළමුන් ඇතුළු තවත් 88 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (ජූලි 21) කුර්මිටෝලා ගුවන් කඳවුරෙන් සාමාන්‍ය පුහුණු මෙහෙයුමක් සඳහා ගුවන් ගත වූ F-7 BGI වර්ගයේ පුහුණු ගුවන් යානයක් ඩකාහි පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී පසුව ගිනි ගෙන ඇත.

ගුවන් අනතුර සම්බන්ධයෙන් බංග්ලාදේශ හමුදාව ප්‍රකාශ කර ඇත්තේ යානයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. එමෙන්ම, යාන්ත්‍රික දෝෂයක් ඇති වූ වහාම නියමුවා විසින් එම ගුවන් යානය අඩු ජනාකීර්ණ ප්‍රදේශයකට රැගෙන යාමට උත්සාහ කර ඇති බවද හමුදා බලධාරීන් පවසා තිබේ. කෙසේ නමුත්, අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විට විමර්ශන කමිටුවක් පිහිටුවීමටද එරට හමුදාව පියවර ගෙන ඇත.

අනතුරින් තුවාල ලබා ඇති බොහෝ පිරිස එම පාසලේ සිසුන් වන අතර, එම සංඛ්‍යාව 50කට අධික බව වාර්තා වේ. පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර සිටින බහුතරයක් සිසුන් අවුරුදු 9-14ත් වියේ පසුවන අය බවද සඳහන් වේ. මියගිය පිරිස අතර පාසලේ සිසුන් ඇතුළුව එම යානයේ ගුවන් නියමුවාද ඇතුළත් වන බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර, සිදුවූ අනතුර සම්බන්ධව බංග්ලාදේශ රජය විසින් ජාතික ශෝක දිනයක්ද ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories