2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:47
නවතම පුවත්

“ඩිජිටල් සේවා සඳහා නව බද්දක් පැනෙව්වා කියන එක වැරදී” – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

මෙරට ඩිජිටල් සේවා සඳහා ඔක්තෝබර් 01 වැනිදා සිට නව බද්දක් පැනවූ බවට වන ප්‍රකාශ අසත්‍ය බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 අයවැය සඳහා ආදායම් ඇස්තමේන්තු කිරීමේදී මෙම කරුණ අයවැය ප්‍රකාශනයට ඉදිරිපත් කර සම්මත කරගත් බවයි. එහි නීතිරීති හා අණපනත් ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කළ යුතු බවත්, වැට් බදු පනත සංශෝධනය කර ප්‍රකාශයට පත් කළ ඩිජිටල් සේවා ගැසට් නිවේදනයද ඒ ආකාරයේ එකක් බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

ඩිජිටල් සේවා සඳහා පනවන ලද වැට් බද්ද අලුතින් පනවන ලද්දක් නොවන බවත්, මීට පෙර වැට් බද්දට යටත් නොවූ ඩිජිටල් සේවා පමණක් වැට් බද්දට යටත් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

තවද, අධිකරණ ක්‍රියාමාර්ග ඇතුළු සියලු දේ අවසන් වීමෙන් පසු, අප්‍රේල් 01 වැනිදා සිට අයවිය යුතුව තිබූ බදු මුදල් ඔක්තෝබර් 01 වැනිදා සිට අය කිරීමට අධිකරණය අවසර ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories