2026 ජූලි 31 සිකුරාදා, 10:07
නවතම පුවත්

අසපුවක් තුළ භික්ෂුවක් ඝාතනය කිරීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

අනු⁣රාධපුර, එප්පාවල පිහිටි අසපුවක වැඩසිටි හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කටුනායක ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඒ, සැකකරුගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරුවලට අනුව වේ.

අනුරාධපුර එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ හිමිනමක් එම විහරස්ථානය තුළදීම තියුණු ආයුධයකින් පහරදී පසුගියදා ඝාතනය කර තිබුණි.

එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩවිසූ පූජ්‍ය විලච්චියේ ප්‍රේමරත්න නම් 69 හැවිරිදි හිමිනමක් වේ.

උන්වහන්සේගේ ශරීරයේ ස්ථාන කිහිපයක දරුණු කැපුම් තුවාල නිරීක්ෂණය වී තිබුණි.

ඒ අතරතුර අසපුවට අයත් ත්‍රිරෝද රථය එප්පාවල රෝහල අසල පෞද්ගලික ඉඩමක දමාගොස් තිබියදී පොලීසිය සොයාගත් අතර එහි රියදුරා අතුරුදන්වී සිටියේය.

අනතුරුව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අනුරාධුපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත එප්පාවල පොලීසිය මගින් ආරම්භ කර ඇත.

ඒ අනුව අතුරුදන්වූ පුද්ගලයාගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරුවලට අනුව අනාවරණ වී තිබුණේ ඔහු කටුනායක ප්‍රදේශයේ රැඳී සිටින බවයි.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදුකළ බව පිළිගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ භික්ෂුව සමග අතිශය පෞද්ගලික කරුණක් හේතුවෙන් ඝාතනය සිදුකර පලාගිය බව ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories