2026 ජූලි 31 සිකුරාදා, 07:00
නවතම පුවත්

පාර්ලිමේන්තු කාරක සභා 3කට නව සභාපතිවරුන්

පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් තෝරා පත්කර ගැනීම සිදුකළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව,
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතාද,

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාද,

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාද, එලෙස තෝරාපත් කරගෙන තිබේ.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබුණි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදුකර ඇත.

එහිදී ඵම කාරක සභාවේ සභාපති ලෙස ගාමිණී රත්නායක මහතාගේ නම යෝජනා කර ස්ථිර කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝජ් රාජපක්ෂ සහ අජිත් ගිහාන් යන මහත්වරුන් විසිනි.

එහිදී වෙනත් කිසිදු නමක් යෝජනා වී නොතිබූ බව සඳහන් වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ පළමු සභාවාරය පසුගිය 24 වනදා රැස් වූ අතර එහිදි සභාපතිධුරය සඳහා හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කරන ලදී.

එමෙන්ම ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ද පසුගිය 24 වනදා පළමුවරට පාර්ලිමේතුවේදී රැස් වූ අතර, එහි සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) තුෂාරි ජයසිංහ සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්මීන් විසින් යෝජනා කර ස්ථිර කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories