2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:13
නවතම පුවත්

අධිවේගී මාර්ගය ළඟ නිධානයක්! – නිල වශයෙන් හාරන්න පටන්ගනී

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ඊයේ විශේෂ කැණීමක් ආරම්භ කළේය.

මෙම කැණීම සිදුකෙරන්නේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

වසර ගණනාවක සිට මෙම ස්ථානයේ නිධානයක් ඇති බව පවසමින් අවස්ථා කිහිපයකදී විවිධ පිරිස් හාරා ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

වඟුරු සහිත බිමක පිහිටි මේ ස්ථානයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී තිබුණේ නිධානයක් බවට සැකකරන කිසිවක් නොමැති බවයි.

එහෙත් පසුව කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බව තහවුරු වූයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ පරීක්ෂණයකදී ය.

පසුව මේ පිළිබඳව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

අනතුරුව අධිකරණය නියෝග කළේ, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන වල නිලධාරීන්ගේඅධික්ෂණය යටතේ කැණීම් සිදුකළ යුතු බවයි.

රජයේ රස පරීක්ෂකවරයාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

කැණීමේදී පාෂාණ ස්ථරයක් හමුවුහොත්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට එම ස්ථානය පුපුරවා කැණීම් පවත්වාගෙන යෑමටද අධිකරණයෙන් අවසර හිමිව ඇතැයි පොලිසිය පැවසුවේ ය.

කැණීම ඊයේ දිනයේදී අවසන් කර ගැනීමට නොහැකි වූවොත් අවසානය දක්වා කැණීම සිදුකිරීමට ද අධිකරණයෙන් අවසර හිමිව තිබුණි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories