2026 ජූලි 31 සිකුරාදා, 08:35
නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයේ වාහන 139ක් අතුරුදන්!

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කර තිබූ වාහන එකසිය තිස්නවයක් (139) අතුරුදන්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවකින් හෙළි වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. ඊයේ (අගෝස්තු 11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ ස්ටාලින් මහතා, අතුරුදන් වූ වාහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි මැදිහත්වීමක් සිදුකළ යුතු බව අවධාරණය කළේය.

මෙම විගණන වාර්තාවේ තවත් කරුණු කිහිපයක් ද මෙහිදී අනාවරණය විය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා 2020, 2021 සහ 2022 වසරවලදී රුපියල් මිලියන 5,219ක් සහ ජාතික අධ්‍යාපන ආයතනය මගින් රුපියල් මිලියන 350ක් වියදම් කර ඇතත්, සැලසුම් කළ පරිදි ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අසමත් වී ඇති බව වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම, 2024 මැයි මාසය වන විට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පාසල් පැමිණීම සීමා වී ඇති බවත්, එයට හේතුව බොහෝ සිසුන් පෞද්ගලික පන්ති (ටියුෂන්) සඳහා යොමුවීම බවත් එහි සඳහන් වේ.

තවද, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික මට්ටමේ නිලධාරී පුරප්පාඩු 880ක් සහ ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු 2,418ක් පවතින බවත් මෙම විගණන වාර්තාවෙන් හෙළි වී තිබේ. චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු සුහුරු පුවරු 500ක් පාසල් පද්ධතිය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක නොකර, 2024 අගෝස්තු 08 වනදා තවත් සුහුරු පුවරු 1,000ක් මිලදී ගැනීමට කටයුතු කර ඇති බව ද ස්ටාලින් මහතා වැඩිදුරටත්

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories