2026 ජූලි 31 සිකුරාදා, 16:25
නවතම පුවත්

කොකේන් නිසා ක්‍රිකට් තහනමට ලක්වු දික්වැල්ල සමාව ඉල්ලයි

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නිරෝෂන් දික්වැල්ල සිය තෙවසරක තරග තහනම අඩුකර ගැනීමේ අරමුණින් නොවැම්බර් 11 වැනිදා තහනම් උත්තේජක විරෝධී අභියාචනා කමිටුවට ලිඛිත දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.දික්වැල්ලගේ නඩුව විභාග කිරීමට අභියාචනා කමිටුව තීරණය කිරීමෙන් පසු දික්වැල්ල බදාදා අභියාචනා කමිටුව හමුවේ පෙනී සිටි අතර ඔහු එහිදී සමාව ඉල්ලා සිටියේය.

දික්වැල්ල තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් වීමෙන් පසු වසර තුනක ක්‍රීඩාවෙන් වසර තුනක තහනමකට ලක් වූ පළමු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් විය.31 හැවිරිදි ඔහු ලංකා ප්‍රිමියර් ලීග් 2024 අතරතුර තහනම් මත්ද්‍රව්‍යයක් වන කොකේන් භාවිත කළ බව පරීක්‍ෂණයක් මගින් තහවුරු විය.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් ජූලි 14 වැනි දින පවත්වන ලද එම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස කඩිනම් විනය ක්‍රියාමාර්ග ගනු ලැබිණි.ත්‍රිපුද්ගල තහනම් උත්තේජක විරෝධී විනය මණ්ඩලයක් විසින් දුන් තීරණයෙන් පසුව, 2024 අගෝස්තු 13 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුට තහනම පනවන ලදී.

දික්වැල්ල ඒ සම්බන්ධයෙන් B-නියැදි පරීක්ෂණයක් ඉල්ලා නොසිටීමට තීරණය කිරීම ද විවේචනයට ලක්විය.ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (WADA) නීතිරීති යටතේ තරඟයෙන් පිටත කොකේන් භාවිතය වරදක් ලෙස නොසැළකුණද, නිරෝෂන් දික්වැල්ල කොකේන් භාවිත කර ඇති බව හෙළිවී තිබුණේ තරග පැවැත්වෙන කාලසීමාවක වීම හේතුවෙන් ඔහුට බලපෑම් දැඩි විය.

ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා, මහාචාර්ය රෝහිණී ප්‍රනාන්දුපුල්ලේ සහ ආචාර්ය නිමල් හේරත් ගුණරත්න යන පිරිසගෙන් සැදුම්ලත් විනය මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට (SLC) සහ අනෙකුත් අදාළ බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව සිය අවසන් නිගමනයට එළැඹ තිබිණි.දික්වැල්ලගේ සිද්ධිය ක්‍රීඩාවේ කීර්ති නාමයට අඳුරු සෙවණැල්ලක් එක් කළේය.

කොකේන් භාවිත කළ බව තහවුරු වීමෙන් පසුව දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කරන ලද අතර ඔහුගේ ක්‍රිකට් දිවිය දැන් අවිනිශ්චිත වී තිබේ.ජුලි 1 සිට ජූලි 21 දක්වා පැවති 2024 ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේදී Jaffna Kings කණ්ඩායම හමුවේ කඩුලු 9කින් අන්ත පරාජයක් ලැබූ Galle Marvels කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ දික්වැල්ල විසිනි.

එම පරාජයේ අමිහිරි බව යටපත්ව ගියේ දික්වැල්ලගේ කොකේන් චෝදනාවත් සමගය.අගෝස්තු මාසයේදී දික්වැල්ල ත්‍රිපුද්ගල විනය කමිටුවකට මුහුණ දුන් අතර ඒ පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරමින් සතියක් ඇතුළත ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට එකඟ විය.ඔහුගේ ඉරණම පිළිබඳ කමිටුවේ අවසාන තීන්දුව සකස් කිරීමේදී මෙම ලේඛනය වැදගත් විය.

මෙය ඔහුගේ පළමු තහනම් උත්තේජක වරද ලෙස සටහන් වුවද දික්වැල්ලට ආන්දෝලනාත්මක ඉතිහාසයක් තිබේ.මීට වසර තුනකට පෙර, ඔහු, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් සමඟ ශ්‍රී ලංකාවේ එංගලන්ත සංචාරයේදී කොවිඩ් 19 ආරක්‍ෂිත පියවර උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග තහනමකට ලක්ව සිටියේය.

තිදෙනාට වසරක තරග තහනමක් වනු ඇතැයි අපේක්ෂා කළ ද අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු එය මාස ​​6 දක්වා අඩු වූ අතර, මෙම සිදුවීම මගින් දික්වැල්ල පාඩමක් ඉගෙනගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ.කණගාටුදායක ලෙස, අපකීර්තිමත සිදුවීම් ඔහුගේ ජීවිතයේ තවදුරටත් වාර්ත්වෙමින් තිබිණි.කුමාර් සංගක්කාර වැනි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිකිරීමට සමත් කීර්තිමත් ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවද දික්වැල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් බලාපොරොත්තු වන ප්‍රමිතීන් සපුරාලීමට සමත්ව නැති බවට චෝදනාවක් තිබේ.

ටෙස්ට් තරඟ 54කට, එක්දින තරඟ 55කට සහ T20 අන්තර්ජාතික තරඟ 28කට සහභාගී වෙමින් ප්‍රතික්ෂේප කළ නොහැකි තරමේ දක්ෂතා පෙන්නුම් කර තිබේ.එහෙත් ඔහුගේ විනය නොමැතිකම ඔහුගේ හැකියාවන් යටපත් කරමින් ඉස්මතුවීම කණගාටුදායකය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories