2026 ජූලි 28 අඟහරුවාදා, 12:09
නවතම පුවත්

ග්‍රෑන්ඩ්පාස් සහ දෙහිවලින් සැකකටයුතු මරණ දෙකක්

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා සවස් කාලයේ සහ රාත්‍රියේදී ග්‍රෑන්ඩ්පාස් සහ දෙහිවල පොලිස් වසම්වලින් සැකකටයුතු මළසිරුරු දෙකක් සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

සැප්තැම්බර් 29 වන දින සවස් කාලයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හන්දිය අසල ජාඩි ඇලේ සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මෘත ශරීරයක් ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු වයස අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන පිරිමි පුද්ගලයෙකි. මෘත ශරීරය අඩි 05 අඟල් 04 ක් පමණ වන අතර, කළු පැහැති කොට කලිසමක් හා කළු පැහැති ටීෂර්ට් එකක් ඇඳ සිටි බව වාර්තා වේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

එම දිනයේම රාත්‍රී කාලයේදී දෙහිවල පොලිස් වසමේ සිරිවර්ධන පාර ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස් ඇති බවට දෙහිවල පොලිසියට තොරතුරක් ලැබී ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 23ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දෙහිවල පොලිසිය ද වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories