ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් (e-cigarettes) භාවිත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
WHO පෙන්වා දෙන්නේ, මෙය ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා නව ගුණයක වැඩිවීමක් බවයි. විශේෂයෙන්ම නිකොටින් අඩංගු ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් යෞවනයන් අතර දක්නට ලැබෙන බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ ගෝලීය දුම්කොළ භාවිතය අඛණ්ඩව පහත වැටීමත් සමඟ බව WHO නිරීක්ෂණය කර ඇත. ගෝලීය දුම්කොළ භාවිතය 2024 වසර වන විට බිලියන 1.38 සිට බිලියන 1.2 දක්වා පහත වැටී තිබේ.
ඒ අනුව, සාම්ප්‍රදායික දුම්කොළ කර්මාන්තයේ නියැලී සිටින්නන් තම වෙළඳපොළ පවත්වාගෙන යෑම සඳහා ඊ-සිගරට් වැනි විකල්ප නිෂ්පාදන වෙත යොමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.