2026 ජූලි 29 බදාදා, 08:43
නවතම පුවත්

රාත්‍රී කාලයේ ගම්පොළ-නුවරඑළිය මාර්ගයේ ගමන් සීමා කෙරේ

රාත්‍රී කාලයේ නුවරඑළියට පිවිසෙන ගම්පොළ-නුවරඑළිය මාර්ගයේ රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව පැවසීය. වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කටු කිතුල ප්‍රදේශියේදී නැවතත් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එම තීරණය ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

මේ අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පහසුකම් සලසා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය. ආපදාවට පත් සහ ආපදාවට පත් නොවු ඇතැම් පිරිස් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සිදු කරන ඇතැම් ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඇය අවධාරණය කළාය.

දිස්ත්‍රික් ලේකම්වරිය විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, වලපනේ මන්දාරම්නුවර ප්‍රදේශයේ මාර්ගය අවහිර වී තිබියදී ගුවන් මගින් පවා අවතැන් වූවන්ට ආහාර ද්‍රව්‍ය යොමු කළ බවත්, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම යොමු කර තිබියදීත් කිසිදු සහනාධාරයක් නොලැබුණ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත ප්‍රකාශ බවයි.

ආපදාවට පත් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් දිවා රාත්‍රී දෙකේ කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවත්, සියලු දෙනා එකා මෙන් කටයුතු කර ආපදාවෙන් සහන නොලැබුණ යම් පිරිසක් සිටී නම් එම පිරිසට අවශ්‍ය සහන ලබා දී යළිත් නැගී සිටීමට සියලු දෙනා එක් විය යුතු බවත් දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories