2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:50
නවතම පුවත්

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට තවදුරටත් රතු නිවේදන

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. මේ අනුව අදාළ අවදානම් කලාපවල වෙසෙන ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස එම සංවිධානය දැනුම් දෙයි.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මැදදුම්බර සහ මිණිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම ඉවත් වීමේ රතු නිවේදන අදාළ වේ. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, මතුරට, හඟුරන්කෙත සහ වලපෙනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ද නායයෑමේ තෙවන අදියරේ රතු නිවේදන බලපැවැත්වෙන බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසාලි හේමසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මහනුවර සහ නුවරඑළියට අමතරව බදුල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ද නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවයි. අධික වර්ෂාව හේතුවෙන් කඳු බෑවුම්වල පස් ලිහිල් වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව පොළොවේ ඇති වන පැලීම්, ගොඩනැගිලිවල ඇති වන පිපිරීම් සහ ගස් හෝ විදුලි කණු ඇලවීම් වැනි පූර්ව නායයෑම් ලක්ෂණ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය. එවැනි ලක්ෂණ දක්නට ලැබේ නම් වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසට ද උපදෙස් ලබා දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories