2026 ජූලි 31 සිකුරාදා, 08:09
නවතම පුවත්

ශ්‍රී ලංකාවට Starlink, අධිවේගී අන්තර්ජාල යුගයක් අදින් ඇරඹෙයි!

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, බලාපොරොත්තුවෙන් සිටි Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මේ මස සිට මෙරට තුළ ක්‍රියාත්මක වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද දින (ජූලි 02) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා මේ බව තහවුරු කළා.

හේරත් මහතා පැහැදිලි කළේ, Starlink සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව මෙරටට ලබා දීම සඳහා එහි තාක්ෂණික අංග සහ ගුණාත්මකභාවය පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කළ බවයි. එම පරීක්ෂණ සාර්ථක වීමෙන් පසුව, Starlink ආයතනය මේ වන විට ඔවුන්ගේ සේවාව ශ්‍රී ලංකාව තුළ මෙම මස සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු සඳහන් කළා.

මේ අනුව, ඉදිරියේදී මෙරට පාරිභෝගිකයන් වෙත සේවාව සැපයීම සඳහා ඔවුන්ගේ පළමු උපකරණ කට්ටල සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබෙනවා.

බන්දුල හේරත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම නව සේවාව මෙරටට ලබා දීම තුළින් අන්තර්ජාල පහසුකම් තවදුරටත් වර්ධනය වන බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ඉදිරි ඩිජිටල්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් වනු ඇති බවත් ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories