2026 ජූලි 29 බදාදා, 15:49
නවතම පුවත්

අන්තිම මොහොතේ ටැක්ස් ෆයිල් හදන්න 16,000ක් ඇවිත්

බදු වාර්තා ගොනු කිරීමට දී තිබු කාලය ඊයේ (නොවැම්බර් 30) දිනෙන් අවසන් වූ බැවින් අවසන් මොහොතේ බදු වාර්තා ගොනු කිරීමට උත්සාහ කළ පිරිස හේතුවෙන් දත්ත පද්ධතියේ තදබදයක් ඇති වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා තිබුණේ ඊයේ එක් අවස්ථාවක පුද්ගලයන් 16,000ක් පද්ධතියට ඇතුළු වී (ලොග් වී) ඔවුන්ගේ වාර්තා ගොනු කිරීමට උත්සාහ කර තිබූ බවයි.

මේ හේතුවෙන් අඩු බලැති පරිගණක තිබූ සමහර බදු ගෙවන්නන්ට සාර්ථකව කටයුතු කළ නොහැකි වී ඇති බව ද වාර්තා වේ.

උත්සාහයන් කිහිපයකින් පසු පද්ධතිය බිඳ වැටී ඇති බවට ඔවුන් බොහෝ දෙනා පැමිණිලි කර ඇත.

උතුරු නැගෙනහිර ගංවතුරෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ සහ විදුලිය නොමැති වූ සමහර ප්‍රදේශවල සිටි පිරිසට පද්ධතියට ප්‍රවේශ වීමට නොහැකි වූ සිද්ධීන්ද වාර්තා වී ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආදායම් වාර්තා ගොනු කිරීම අන්තර්ජාලය හරහා සිදු කිරීම අනිවාර්යය කර ඇත.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් එම වාර්තා අතින් ගොනු කිරීමට විශේෂ අවසරයක් ලබා ගත යුතුය.

ගොනු කිරීමේ ක්‍රමය ඔක්තෝබර් 1 වනදා සිට විවෘතව තිබී ඇති අතර එමනිසා ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදහසයි.

නියමිත දිනට පසුව බදු වාර්තා ගොනු කරන අය දඩයකට යටත් විය හැකිය.

පරිගණක පද්ධතියට අධික බරක් පැටවීම සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනකට නියමිත වේලාවට තම වාර්තා ගොනු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඒ සඳහා කාලය දීර්ඝ කිරීමක් කරන්නේද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් තහවුරු කර නැත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories