2026 ජූලි 29 බදාදා, 05:58
නවතම පුවත්

අනුර ජනාධිපති කරන්න බොරු කියූ නිලන්ති කොට්ටහච්චි

තෝමස් ඩිලා රූ සමාගම මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනය විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාම සිද්ධ කළ බව තමා දන්නා බවත් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරවීම සඳහා බොරු කියූ බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි. මේ කෙටිකාලීන දේශපාලන ජීවිතය ඇතුළෙ බොහෝ අවලාදවලට මඩ ප්‍රචාරවලට මම කරපු සමහර ප්‍රචාරයන් පාදක වුණා. මෑත කාලීනව මට නමක් පටබැඳිලා තියෙනවා උගන්ඩා කුමාරි කියලා, උගන්ඩා මැණිකේ කියලා. කොහොමවුණත් මෙතනදී මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම ජනාධිපතිවරණ රැලි මාලාවේදී දේශපාලන වේදිකාවේ කරපු සෑම කතාවකදීම මගේ මූලික ඉලක්කය වුණේ මේ රටේ නීතිය සාමය යුක්තිය සාධාරණත්වය නැවත ඇතිකරලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට මොකක්ද කළ හැකි කාර්යභාරය කියලා කියන එක. ඒ අපේ සැලැස්මේ කොටසක් විදියට අපි ඉදිරිපත් කළා. තෝමස් ඩිලා රූ සමාගම මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනය විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාම සිද්ධ කළා, ඒක තමයි සමාජය විසින් කතිකාවකට ලක් කරගත්ත පුවත. හැබැයි මේක තෝමස් ඩිලා රූ සමාගම විසින් ලැබුණු ඇනවුමකට අනුව කරපු මුදල් රැගෙන යාමක්. නමුත් අපි දන්නවා මේ මොහොතේදීත් උගන්ඩාව පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල්වල අපේ පෙර පාලන තන්ත්‍රය විසින් ආයෝජනය කරපු විවිධ වත්කම් තියෙනවා. කළු සල්ලි සුදුකරපු ඒවා තියෙනවා. ඒවා ප්‍රසිද්ධියේ කරලා නෑ කවුරුත්. අප්‍රසිද්ධියේ තමයි කරලා තියෙන්නෙ. ඒ මුදල් ආයෝජනවලට අදාළව, මුදල් රැගෙනයාම් වලට අදාළව අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන අපේ ආණ්ඩුවක්, අපේ බලයක් යටතේ සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක ජාතික ජන බලවේගයේ නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙනවා ඕනෑම ආණ්ඩුවකින්. මේ මොහොතේදී මට කියන්න තියෙන්නෙ ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මම පූර්ණ වගකීම දරනවා යැයි ද ඇය වැඩි දුරටත් සදහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories