වෙනිසියුලාවේ තෙල් නැව් හයකට ඇමරිකාව විසින් නව සම්බාධක පනවා තිබේ. මීට අමතරව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ ඥාතීන් සහ ව්‍යාපාර කිහිපයකට ද ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊයේ (දෙසැම්බර් 11) දිනයේද ඇමරිකාව විසින් වෙනිසියුලාවේ තෙල් ප්‍රවාහනය කරනු ලබන නැවක් අල්ලාගෙන තිබුණි.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, අල්ලා ගත් යාත්‍රාවේ ස්කිපර් “නීති විරෝධී තෙල් නැව්ගත කිරීමකට” සම්බන්ධ වී ඇති අතර, අදාළ නෞකාව ඇමරිකානු වරායකට ගෙන යන බවය.