2026 ජූලි 31 සිකුරාදා, 18:08
නවතම පුවත්

“පාස්කු දා ප්‍රහාරයේ රහස් රැසක් මා ළඟ”- මන්ත්‍රී රාසමානික්කම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධ හෙළි නොවූ තවත් තොරතුරු තිබෙන බව ත් විමර්ශනය සඳහා එම තොරතුරු ලබා දීමට සූදානම් බව ත් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රි ශාන්ක්‍යන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී ඊයේ ( 4) අනාවරණය කළේය.

ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කළ හැකි අය සම්බන්ධ කර දෙන්නට හැකි බවද මන්ත්‍රීවරයා කීය.

එමෙන් ම, හිටපු මන්ත්‍රී පිල්ලෙයාන් හා ඒ ආණ්ඩුව කළ කාරණා තිස්දෙකක් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට තමා විසින් එදා භාර දුන් නමුත් ඊට කිසිදු පියවරක් නොගත් බවට හෙතෙම චෝදනා කළේය.

මන්ත්‍රීවරයා මේ බව ද පැවසීය.

“මේ ආණ්ඩුව පෙරළන්නවත් කඩාකප්පල් කරන්නවත් විනාශ කරන්නවත් නෙමෙයි අපේ අරමුණ. අපේ අරමුණ ආණ්ඩුවේ හොඳ දේවල්වලට සහාය දීමයි. හැබැයි අපේ ගැටලු නිරාකරණය කිරීම පළමුව පිළිබඳව ආණ්ඩුව ප්‍රගතිශීලී ඉදිරි වැඩපිළිවෙල ගැන ඉතා ම ඕනෑකමින් බලා සිටිනවා. මේ රට තුළ ප්‍රධාන වශයෙන් කාරණා තුනක් තියෙනවා. පාස්කු ප්‍රහාර හා සම්බන්ධ මේ ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා. අපි දන්නවා පිල්ලෙයාන් ගෙන්නලා ප්‍රශ්න කළා. එතැනින් එහාට අත්අඩංගුවට ගැනීම් පොලිසියේ රාජකාරි. අපි ඒ ගැන කියන්නේ නෑ. හැබැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව තව තොරතුරු අපි ළඟ තිබෙනවා. මේ ගැන ආරක්ෂක ලේකම්ට දැනුම් දුන්නා. ආරක්ෂක ඇමැතිතුමත් මෙතැන ඉන්නවා. අපි පාර්ලිමේන්තුවේ කරුණු ගොඩක් මේ පිළිබඳව හෙළි කළා. අපිට අවස්ථාවක් දෙන්න අපිට පුළුවන් තව සාක්ෂි ගන්න පුළුවන් අය සම්බන්ධ කරලා දෙන්න. ඒ වගේ ම වංචා – දූෂණ ගැන මමත් ජාතික ජන බලවේගය කියූ දේවල් ම තමයි පහුගිය කාලෙ කිව්වේ. පිල්ලෙයාන් හා ඒ ආණ්ඩුව කළ කාරණා තිස් දෙකක් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට මා විසින් භාර දුන්නා. කිසි දෙයක් කළේ නැහැ. දැන් ඉන්න ජනාධිපති හෝ අගමැති හරි අපෙන් තොරතුරු ඉල්ලන්න. පිල්ලෙයාන් කොහොමද ඉඩම් ගත්තේ ඔක්කොම තොරතුරු තියෙනවා. මේ ආණ්ඩුවට 159ක් වගේ ඉන්න ආණ්ඩුවක්. මේක පෙරළන්න අපිට ඕනකමක් නැහැ. අපේ පක්ෂයට කොහොමත් බලයට එන්නත් බැහැ. ඒ නිසා අපි මේ ආණ්ඩුවේ වැඩවලට අපේ සහාය දෙනවා. ඒ වගේ ම මට අවසාන වතාවට අහන්න ඕනේ මේ බාර් පර්මිට් දුන්න අය ගැන ලැයිස්තුව ඇයි තවම එළියට නොදුන්නේ කියලා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories