2026 ජූලි 29 බදාදා, 20:04
නවතම පුවත්

පැය 24 ට රිය අනතුරු පහකින් පස්දෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

එම අනතුරු, පිටිගල, මොරගහහේන, හික්කඩුව, බදුරලිය සහ කටුපොත යන ප්‍රදේශ වලදී සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (12) අළුයම් කාලයේ පිටිගල – පිටිගල ඇල්පිටිය මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේදී පිටිගල දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිශාවටම ධාවනය වූ පාපැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පාපැදිකරු සහ යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර පාපැදිකරු වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 68 ක් වූ අමුගොඩ, පිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, ඊයේ උදෑසන මොරගහහේන, කොළඹ – හොරණ මාර්ගයේ ගෝනපල ප්‍රදේශයේදී හොරණ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු, පිටුපස අසුනේ ගමන්කළ කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා වෑතර රෝහලට ඇතුලත් කිරීමේදී කාන්තාව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 34 ක් වූ කුඩගල්ආර, මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම ඊයේ දහවල් හික්කඩුව, ගාල්ල – කොළඹ මාර්ගයේ දොඩංදූව ප්‍රදේශයේදී හික්කඩුව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ගමන්කළ පාපැදිය පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පාපැදිකරු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 71 ක් වූ පහලගෙදර, බේරතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, ඊයේ සවස් කාලයේ බදුරලිය, මතුගම කෙලින්කන්ද මාර්ගයේ කොස්ගුලන ප්‍රදේශයේදී මතුගම දෙස සිට කෙලින්කන්ද දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා හොරණ රෝහලට මාරුකර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 35 ක් වූ කොස්ගුලන, මෝල්කාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රී කාලයේ කටුපොත, කඩහපොල – රඹාවැව මාර්ගයේ කටුමුළුව ප්‍රදේශයේදී රඹාවැව දෙස සිට කටුපොත දෙසට ධාවනය වූ වෑන් රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුරින් පදිකයා බරපතළ තුවාල ලබා කටුපොත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 63 ක් වූ කහවිටිය, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories