2026 ජූලි 29 බදාදා, 11:19
නවතම පුවත්

අධිකරණ ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළා දැයි සැක සහිත බව අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ “ආචාර්ය හර්ෂණ නානායක්කාර” යනුවෙන් පළ කර තිබී පසුව අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලක් මත එය නිවැරදි කිරීමත් සමග පසුගිය දා මහත් ආන්දෝලනයක් හට ගත්තේය.

පසුව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් නම් උඩුගත කිරීමේ දී සිදුවු වැරදීමක් ලෙස දක්වමින් තමාට ලිපියක් එවා ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“මම අවුරුදු 25ක නීතිඥ කේෂ්ත්‍රයේ යෙදී සිටින නීතිඥවරයෙක්. මම කවදාවත් මගේ නම ඉදිරියෙන් ආචාර්ය කියලා සඳහන් කරලා නෑ. විසිටින් කාඩ් එකක්වත් ගහලා නෑ. මම පුරවපු ජීවදත්ත තොරතුරු පත්‍රිකාවෙත් මම පැහැදිලිව එය නිවැරදි කරලා තිබුණා. ආචාර්ය පදවියක් තිබුණේ නෑ. කොහෙන්ද මේක එන්නේ. සියල්ල සමස්තයක් ලෙස අරන් බලද්දි ඕනෑම කෙනෙකුට සැකයක් මතුවෙනවා මාව අපකීර්තියට පත්කරන්න එහෙම නැත්නම් මගේ දේශපාලනය ගැන තියෙන විශ්වාසය බිඳදැමීමට ව්‍යාජ දත්ත ඇතුළත් කරාදැයි සාධාරණ සැකයක් ඕන කෙනෙක් මතුවෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories