2026 ජූලි 31 සිකුරාදා, 01:02
නවතම පුවත්

ඇමැති වසන්තගේ නඩුවට නියෝජ්‍ය ඇමැති මහින්දයි රන්ජන් ජයලාලුයි ප්‍රකාශ දීලා නැහැ

නව රජයේ වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවකට අදාළව ප්‍රකාශ ලබාදෙන ලෙස දන්වමින් එම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් සහ ලිපි කිහිපයක් යොමුකළ ද මෙතෙක් ඔවුන් දෙදෙනා ප්‍රකාශ ලබා නොදුන් බවට පොලිසිය පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

එම සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එක් අයකු නව රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු වේ.

දෙමහල් ගොඩනැගිල්ලක් සහිත දෙහිවල පිහිටි දේපළක් බදුදීමට වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ ව්‍යාජ ඔප්පුවක් භාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබිණි.

නියෝජ්‍ය කම්කරු ඇමැති සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට සහ ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්ට තමන් ඇමතුම් ලබාදී ලිපි යවා ප්‍රකාශ ලබා දීම සඳහා වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන ලෙස දන්වා යවා ඇති බව එම කාර්යාංශයේ පරීක්ෂකයෝ අධිකරණයට ප්‍රකාශ කළහ.

ඔවුන්ගෙන් ප්‍රකාශ ඉල්ලා ඇත්තේ එම ඉඩම රුපියල් ලක්ෂ 36කට බදු දී ඇති බවට ඔප්පුවේ සඳහන් වන බැවිනි.

2020 පෙබරවාරි 10 වැනිදා සිට බදු ඔප්පු තුනක් මගින් ජයසිංහට සහ ජයලාල්ට සමරසිංහ සහ සිරිල් අබයසිරි විසින් දේපළ බදු දී ඇතැයි පරීක්ෂකවරු වැඩබලන මහේස්ත්‍රාත් තරංග සිල්වාට පැවසූහ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් විසල් සේනානායක සමඟ පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයට දන්වා සිටියේ මෙම දේපළ වෘත්තීය සමිතිය තුළ කිසිදු බලයක් නොමැති පුද්ගලයකු විසින් බදු දී ඇති බවයි.

නඩුව දෙසැම්බර් 20 වැනිදාට කල්තැබූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එදිනට නඩුවේ ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියෝග කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories