2026 ජූලි 29 බදාදා, 03:28
නවතම පුවත්

කොළඹ දිස්ත්‍රික්කයේ ජල කප්පාදුව සිදුවන්නේ මේ ලෙසයි

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කලටුවාව සහ ලබුගම ජලාශවල ජල මට්ටම් පහළ බැස ඇති බැවින්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට දින තුනකට වරක් ක්‍රියාත්මක වන පරිදි ජල කප්පාදුවක් හඳුන්වා දීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම තීරණයට අනුව පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපය තුළ වාරානුකූලව ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ඒ අනුව පාදුක්ක ප්‍රදේශය සඳහා ක්‍රියාත්මක ජල කප්පාදුව ඊයේ රාත්‍රී 8ට ආරම්භ වූ අතර එය අද රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයක් ක්‍රියාත්මක වේ. හෝමාගම ප්‍රදේශයට අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවන අතර, පැලැන්වත්ත ප්‍රදේශය සඳහා ජල කප්පාදුව හෙට රාත්‍රී 8 සිට අප්‍රේල් 5 වනදා රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක කිරීමට මණ්ඩලය තීරණය කර ඇත.

මෙම ජල කප්පාදුව අදාළ ප්‍රදේශවලට දින තුනකට වරක් සිදු කිරීමට නියමිත අතර, ජල සැපයුම අත්හිටුවා නොමැති දිනවලදී පාරිභෝගිකයන්ට අඛණ්ඩව ජලය ලබා දීමට කටයුතු යොදා තිබේ. මේ අනුව ඉදිරි කාලසටහනට අනුව පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 7 වනදා ද, හෝමාගම ප්‍රදේශයට අප්‍රේල් 8 වනදා ද සහ පැලැන්වත්ත ප්‍රදේශයට අප්‍රේල් 9 වනදා ද යළිත් වරක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories