2026 ජූලි 31 සිකුරාදා, 17:32
නවතම පුවත්

සියලුම බැංකු ගිණුම්වලට සීයට 10ක බද්ද ගහන බව ඇමැති කියයි

සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපාගන්නා බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඊයේ (26දා) පිළිගත්තේය.

එසේ කපාගත්තත් බදු නොගෙවිය යුතු අයට එම මුදල් නැවත ලබාදෙන යාන්ත්‍රණය රජය විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන බවද ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ජනමාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති ප්‍රනාන්දු කියා සිටියේය.

එවැනි යාන්ත්‍රණයක් සකස් කරන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවත්, ඒ සහනය ලබාගන්නා ක්‍රමවේදය සකසන බවත්, බදු නොගෙවිය යුතු අයට මේ සියයට 10ක රැඳවුම් බද්ද කපාගැනීමෙන් අසාධාරණයක් වීමට ඉඩ නොතියන බවට සහතික වන බවත් ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු කියාසිටියේය.

මේ අනුව ඇමැතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනාවරණය වූයේ, රු. 150,000 ක මාසික පොලී ආදායමක් ලබන අයට පමණක්, වැඩිකළ සියයට 10ක රැඳවා ගැනීමේ බද්ද අදාළ වුවත්, බද්දට යටත් නොවන අයගෙන්, එලෙස කපාගත් මුදල නැවත අදාළ තැන්පත්කරුවන්ට ලබාදීමට ක්‍රමවේදයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.

මේ අනුව රුපියල් 100ක මාසික පොලී ආදායමක් ලැබුණත් බැංකුවලින් සියයට 10ක රැඳවුම් බද්දක් කපාගන්නා නිසා අදාළ මුදල නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ලබාගැනීමට බස් ගාස්තු වශයෙන්ම ඊට වැඩි මුදලක් දැරීමට සිදුවෙනවා නොවේදැයි මෙහිදී ජනමාධ්‍යවේදීන් ඇමැති ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කළ අතර, එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේදී ඒ සියල්ලටම උත්තරය ගෙනෙන බවයි.

රජය පසුගියදා රැඳවුම් බද්ද සියයට 5 සිට 10 ක් දක්වා වැඩ කළේය.

එහෙත් රුපියල් ලක්ෂ එකහමාරක මාසික පොලිය ලැබුණොත් පමණක් මේ බද්දට යටත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.(දිවයින)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories