2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:22
නවතම පුවත්

ස්කොට්ලන්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක. ඉතිහාසයේ පළමු වරට දීර්ඝ වැඩ වර්ජනයක්

ස්කොට්ලන්තයේ ජාතික සෞඛ්‍ය සේවා ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයක් නිර්මාණය කරමින් එරට නේවාසික වෛද්‍යවරුන් දැවැන්ත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ. මෙය ස්කොට්ලන්ත ජාතික සෞඛ්‍ය සේවය තුළ මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කෙරෙන පළමු අවස්ථාව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වෛද්‍යවරුන් මෙම දැඩි තීරණයට එළඹ ඇත්තේ සිය වැටුප් ව්‍යුහය 2008 වසරේ පැවති මට්ටමට යථා තත්ත්වයට පත් කිරීමට රජය අපොහොසත් වී ඇති බවට චෝදනා කරමිනි. මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර පැවති රහස් ඡන්ද විමසීමේදී 92%ක අතිවිශාල බහුතරයක් වර්ජනය සඳහා සිය කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයකි.

නිල නිවේදනවලට අනුව මෙම වැඩ වර්ජනය 2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා පෙරවරු 07:00 සිට ජනවාරි 17 වන සෙනසුරාදා පෙරවරු 07:00 දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිතව ඇත. මේ හේතුවෙන් එරට රෝහල් පද්ධතියේ දෛනික කටයුතුවලට සහ සායනික සේවාවන්ට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ස්කොට්ලන්ත සෞඛ්‍ය ලේකම් නීල් ග්‍රේ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ වෛද්‍යවරුන් ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවයි. කෙසේ වෙතත්, රෝගී සත්කාරක සේවාවන් බිඳ වැටීම වැළැක්වීම සඳහා පවතින විසඳුම් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව ද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories