2026 ජූලි 29 බදාදා, 07:29
නවතම පුවත්

ජනපතිගේ දූෂණ විරෝධී ජාතික සැලැස්මට අනුමැතිය

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සියලුම රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් 2025‑2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඊට අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වේ.

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 – 2029

– 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය, අල්ලස් හා දූෂණ සම්බන්ධ වැරදි විමර්ශනය කිරීමේ සහ නඩු පැවරීමේ සිට රට පුරා අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා දූෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නියාමනය දක්වා පුළුල් කරනු ලැබ තිබේ. රජයේ “Clean Sri Lanka” වැඩසටහන ශ්‍රී ලාංකික සමාජයේ සදාචාරාත්මක සංවර්ධනයේ ඉහළ මට්මකට ඔසවා තැබීමට උත්සාහ දරන බැවින්, සියලුම අංශ ඇතුළත්ව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. එසේම, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි නියම කර ඇති පරිදි ජාතික දූෂණ විරෝධී රාමුවක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතින ඇතැම් බැඳීම් ඉටු කිරීම සඳහා ද ශක්තිමත් දූෂණ විරෝධී රාමුවක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 5වන වගන්තිය යටතේ වන බැඳීම්වලට අනුකූලව ශ්‍රී ලංකාවේ අල්ලස හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019‑2023 කාලසීමාව තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එකී ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කරමින්, දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් 2025‑2029 කාලසීමාව සඳහා නව දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ති‌බේ. ඒ අනුව, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සියලුම රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම – 2025‑2029 ක්‍රියාත්මක කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories