2026 ජූලි 29 බදාදා, 22:50
නවතම පුවත්

ත්‍රිකුණාමලයේ මසුන් දහස් ගණනක් මියගියේ හැලොවීන් නිසාද !

නිස්කලංක වෙරළ තීරයන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ත්‍රිකුණාමලයේ මියගිය මසුන් දහස් ගණනක් වෙරළට ගසාගෙනවිත් තිබීම සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පාවෙමින් තිබීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල දුර්ගන්ධයක් පැතිර තිබු බව වාර්තා වේ.මීට හේතුව ලෙස පරිසර දූෂණය සහ උෂ්ණත්ව වෙනස්වීම් වැනි කරුණුවල සිට ඉදිරියේදී සිදුවීමට නියමිත ස්වාභාවික ව්‍යසනයක් හෝ සමූහ වශයෙන් සිදුවූ මත්ස්‍ය සියදිවි නසාගැනීමක් වැනි අද්භූත කතාන්දර ද ප්‍රදේශයේ ජනතාව අතර පවතින බව පෙනීගොස් ඇත.

මෙය බටහිර රටවල් සමරන හැලොවීන් සතියට සමගාමීව ඔක්තෝබර් 29 සහ නොවැම්බර් 1 අතර සිදුව තිබීම මෙවැනි අද්භූත කටකතා පැතිර යෑමට හේතුවක් වී තිබේ.මෙලෙස බහුල වශයෙන් මියගොස් තිබුණේ මුඛය වසා සිටින විටත් පිටතට රතු දත් පෙනෙන කළු පොතුබරි ලෙස හඳුන්වන Red-toothed Triggerfish (Odonus niger) මසුන්ය.

මෙම මිය ගිය මසුන්ගේ දත් හැලොවීන් තේමා කතන්දර සමග පහසුවෙන්ම සම්බන්ධ කළ හැකි වීම නිසා එවැනි කතා පැතිර ඇති බවට සැක කෙරේ.කෙසේවෙතත්, කළු පොතුබරි මසුන් සමූහ වශයෙන් මියයෑම ස්වාභාවික සංසිද්ධියක් සමඟ සම්බන්ධ වී ඇති බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සුජීව අතුකෝරළ පවසයි.

බලපෑමට ලක් වූ කාලපරිච්ඡේදයේ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් පෙනීගොස් ඇත්තේ ත්‍රිකුණාමලයේ ජලයේ අධික ඝනත්වයකින් යුත් ඇල්ගී පැතිරීමක් තිබී ඇති බවයි.ඝන ඇල්ගී තට්ටුව මාළුවාගේ වාසභූමියේ ඔක්සිජන් ක්ෂයවීමට හේතු විය හැකි බව ආචාර්ය සුජීව අතුකෝරළ පවසයි.

මීට අමතරව, ඝන ඇල්ගී මගින් මාළුන්ගේ කරමල් අවහිර කර ඔවුන්ගේ ශ්වසනය අඩාළ කළ හැකි බව ද ඔහු පෙන්වා දී ඇත.ඔක්සිජන් අඩුවීම සහ කරමල් අවහිර වීම සමූහ වශයෙන් මසුන් මියයෑමට හේතු වූ බව ආචාර්ය සුජීව අතුකෝරළ පවසයි.

ඔක්තෝබර් මාසය පුරා ශ්‍රී ලංකාවට අධික වර්ෂාපතනයක් ඇදහැළුණු අතර, ත්‍රිකුණාමලයෙන් මුහුදට ගලා බසින මහවැලි ගඟ, සාගර පරිසරයට මිරිදිය සහ විවිධ පෝෂක විශාල ප්‍රමාණයක් ගෙන ඒමට ඉඩ සලසයි.එම අතිරික්ත පෝෂ්‍ය පදාර්ථ ඇල්ගී පැතිරීමට හේතු විය හැකි බව ආචාර්ය සුජීව අතුකෝරළ පෙන්වාදෙයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories