හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 18ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ එම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (03) රාත්‍රී කාලයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, කිරිබත්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.