2026 ජූලි 31 සිකුරාදා, 11:37
නවතම පුවත්

ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය වංචාවල වැඩිවීමක්

ශ්‍රී ලංකික පුරවැසියන් සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවන්නේ Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා වන මෙම අපරාධයන් සඳහා බවට හඳුනාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අපරාධකරුවන් විසින් මෙවැනි වංචාවන් සිදු කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේද 2ක් භාවිත කරන බවයි.

එහිදී පළමු ක්‍රමය ලෙස මුලින්ම ඉහත දක්වා ඇති සමාජ ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර යම් ව්‍යාපාරයකට මුදල් ආයෝජනයක් කරන ලෙසට දැනුම්දීමක් කරනු ලබයි.

පළමු පියවර ලෙස මෙම අයෝජනය සඳහා සුළු මුදලක් තැන්පත් කරන ලෙසට අපරාධකරුවන් විසින් දැනුම්දී එම සුළු මුදල සඳහා ප්‍රතිලාභයක් වශයෙන් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළ මුදලට එකතු කර ලබාදීම සිදු කරනු ලැබේ.

මෙවැනි පියවරයන් කිහිපයකදී ආයෝජකයාට ප්‍රතිලාභ ප්‍රමාණ වැඩිකරමින් ලබාදේ.

එහිදී විශාල ලෙස මුදල් ආයෝජනය කරන ලෙසට උපදෙස් ලබාදෙයි.ඒ මෙම පුද්ලයන්ගේ විශ්වාසය දිනාගැනීමට කටයුතු කර තවත් ආයෝජන අවස්ථා ඇති බව සඳහන් කරමින්.

මේ ආකාරයෙන් මුදල් තැන්පත් කරවාගනු ලබන්නේ දේශීය බැංකුවල ඇති ගිණුම්වලට ය.

ඒ අනුව වැඩි මුදල් ප්‍රමාණයන් අවස්ථාවන් කිහිපයකදී ඉහත පරිදි තැන්පත් කළද ඒ සඳහා ප්‍රතිලාභ ආයෝජකයින්ට ලබා නොදීම සිදුකරයි.

මෙම ආයෝජකයන් ප්‍රතිලාභයන් ලබානොදීම සම්බන්ධයෙන් අපරාධකරුවන්ගෙන් අදාළ සමාජ ජාලා ඔස්සේ වීමසීමේදී එම අපරාධකරුවන් දන්වා සිටින්නේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් ආරක්ෂක බදු, රේගු ගාස්තු වැනි ගාස්තු ගෙවිය යුතු බවත් ඒ සඳහා ද අමතර මුදල් යෙදවුවහොත් ප්‍රතිලාභය ලබාදිය හැකි බවත්ය.

ඒ අනුව තව තවත් මුදල් ප්‍රමාණ ආයෝජනය කරන ලෙසට දැනුම්දෙනු ලැබේ.

දෙවැනි ක්‍රමය ලෙස ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ගිණුම් අංකයන් ලබාගෙන එම ගිණුම්වලට බැර වන මුදල් අපරාධකරුවන් විසින් සමාජ මාධ්‍ය ජාලා මඟින් දැනුම්දෙනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන ලෙසත් ඒ සඳහා ප්‍රතිලාභයක් වශයෙන් ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුම් හිමිකරුවන්ට ලබාදීම සිදු කරනු ලැබේ.

විමර්ශන නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත්තේ, මෙම ක්‍රමවේදය ඔස්සේ ඉහත විස්තර කරන ලද පළමු ක්‍රමය මගින් තැන්පත් කරගන්නා මුදල් විශාල ගිණුම් ප්‍රමාණයක් භාවිත කරමින් වෙනත් ගිණුම්වලට සංසරණය සිදු කරන බවයි .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories