2026 මැයි 07 බ්‍රහස්පතින්දා, 11:43
නවතම පුවත්

සූරියවංශී යොවුන් ක්‍රිකට් වාර්තා කිහිපයක් අලුත් කරයි

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (දෙසැම්බර් 12) එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ඉන්දීය පිලේ වායිබව් සූරියවංශී යොවුන් ක්‍රිකට් වාර්තා කිහිපයක්ම අලුත්කිරීමට සමත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 433ක් රැස්කළේය. එය යොවුන් එක්දින තරගවල කණ්ඩායමක් රැස්කළ තෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ආසියානු කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ 14 හැවිරිදි සූරියවංශී පන්දු 95කට පමණක් මුහුණදෙමින් ලකුණු 171ක් රැස්කිරීමට සමත් විය. මෙය ලොව තෙවන වේගවත්ම යොවුන් එක්දින ශතකය ලෙස සනිටුහන් වේ. ඔහු පන්දු 30කින් අර්ධ ශතක සීමාව පසුකළ අතර, පන්දු 56කින් ශතක සීමාව පසුකර ගියේය.

කෙසේ නමුත්, වේගවත්ම එක්දින යොවුන් ශතකයේ වාර්තාවට හිමිකම් කියන්නේ ද ඔහුමය. එය එංගලන්තයට එරෙහිව පන්දු 52කින් පිහිටුවා තිබේ. යොවුන් එක්දින පිටියේ දෙවන වේගවත්ම ශතකයට පාකිස්තානයේ කම්රාම් ගුලාම් (පන්දු 53) හිමිකම් කියයි.

මීට අමතරව, අද ඔහු රැස්කළ ශතකය ඉන්දීය යොවුන් පිතිකරුවෙකු රැස්කළ දෙවන ඉහළම ශතකය වේ. එහි වාර්තාවට හිමිකම් කියන්නේ 2002 වසරේ එංගලන්තයට එරෙහිව ලකුණු 177ක් රැස්කළ අම්බති රයුදුය.

එමෙන්ම සූරියවංශීගේ ඉනිම හයේ පහර 14කින් සමන්විත වූ අතර, එය යොවුන් එක්දින පිටියේ ඉනිමකදී පිතිකරුවෙකු රැස්කළ ඉහළම හයේ පහර සංඛ්‍යාව ලෙස වාර්තා විය. ඔහු බිඳදමනු ලැබුවේ 2008 වසරේදී නැමීබියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේ මයිකල් හිල් එල්ල කළ හයේ පහර 12 වාර්තාවය. තවද, මේ වනවිට ඔහු යොවුන් එක්දින ඉතිහාසයේ වෘත්තීය හයේ පහර 50ක් එල්ලකළ පළමු ක්‍රීඩකයා ලෙස තවත් වාර්තාවකට හිමිකම් කියයි.

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories