මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්රණ පැවැත්වීම ලබන නොවැම්බර් 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.