පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කළ බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 15,000 බැගින් ඊයේ(28) දිනයේ බැංකු ගිණුම් වෙත යොමු කළ බවයි.
මේ වනවිට රුපියල් මිලියන 113ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ගොවීන්ට මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදීම සඳහා ලබාදී තිබෙනවා.
දැනට වී වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා එම මුදල් ලබාදුන් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, ඉදිරියේදී වගා කටයුතු ආරම්භ කරන පිළිවෙළ අනුව මුදල් නිකුත් කරන බවය.