2026 ජූලි 31 සිකුරාදා, 02:10
නවතම පුවත්

කසාදය නිසා පොලිසිය ඉදිරියේ පියා දියණියව ඝාතනය කරයි.

සිය දියණියගේ විවාහ මංගල උත්සවයට දින හතරක් පමණක් ඉතිරිව තිබියදී එම දියණිය වෙඩි තබා ඝාතනය කළ පියකු පිළිබඳ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්වාලියර් ප්‍රදේශයෙන් මෙම කම්පනසහගත සිදුවීම වාර්තා වන බවයි.

පියා විසින් දියණියට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඇය වෙනත් අයෙකු සමඟ විවාහ වීමට තිබූ කැමැත්ත නිසා බව ද පැවැසේ.

ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ, සැකකරු පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම සිය 20 හැවිරිදි දියණියට වෙඩි තබා ඝාතනය කර ඇති බවය.

තානු ගුර්ජාර් නමැති එම තරුණිය තම පවුලේ සාමාජිකයන් විසින් යෝජනා කර සංවිධාන කරන ලද විවාහයට විරුද්ධ වී ඇත්තේ තමා කැමති පිරිමියකු සිටින බව හා ඔහු සමග විවාහ වීමට කැමති බව පවසමිනි.

මෙම ඝාතනය ඉකුත් අඟහරුවාදා රාත්‍රී 9ට පමණ නගරයේ ගෝලා කා මන්දිර් ප්‍රදේශයේදී සිදුව ඇතයි ද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

ඝාතනයට ලක්වූ තරුණියගේ පියා වන මහේෂ් ගුර්ජාර්, සිය දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන ලද වීඩියෝවක් නිසා කෝපයට පත්ව ඇති බවත්, අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් පැවසේ.

වින්දිත තරුණියගේ ඥාති සොහොයුරෙකු බව පැවසෙන රාහුල් නමැත්තෙකු වෙඩි තැබීමට සහය ලබා දී ඇති බවත් ඇය මියගිය බව තහවුරු කර ගැනීම සඳහා ඔහු ද වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවත් වාර්තා වේ.

මෙම ඝාතනයට පැය කිහිපයකට පෙර, තනූ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළකර ඇති අතර, එමගින් ඇය පවසා ඇත්තේ ඇගේ කැමැත්තට එරෙහි විවාහයකට තම පවුලේ සාමාජිකයන් තමාට බලපෑම් කරන බවයි.

තත්පර 52 ක වීඩියෝ පටයක් වන එහි ඇය තම ජීවිතය පිළිබඳ බියක් පවතින බවත්, එවැනි කිසිවක් සිදුවුවහොත් ඒ සඳහා වගකිව යුතු ඇගේ පියා වන මහේෂ් නමැත්තා සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් බවත් පවසා තිබේ.

“මට විකීව විවාහ කර ගැනීමට අවශ්‍යයි. මගේ පවුලේ අය මුලින් එකඟ වූ නමුත් පසුව එය ප්‍රතික්ෂේප කළා. ඔවුන් මට දිනපතා පහර දී මරාදමන බවට තර්ජනය කරනවා. මට මොනවා හරි වුනොත් මගේ පවුලේ අය වගකිව යුතුයි” තනූ වීඩියෝව මගින් පවසා ඇත.

ඇය විවාහවීමට කැමැත්තෙන් සිටි පුද්ගලයා වන විකී නමැත්තා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි පදිංචිකරුවෙකු වන අතර, ඔහු වසර හයක් පුරා තනූ සමඟ ආදර සම්බන්ධයක් පවත්වා ඇති බව ද අනාවරණ වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories