2026 ජූලි 29 බදාදා, 19:49
නවතම පුවත්

පුංචි ඡන්දයේ අතිරේක ලැයිස්තුවේ නම් ගැසට් කෙරෙයි

පුංචි ඡන්දයේ අතිරේක ලැයිස්තුවෙ නම් ගැසට්ටුවට
පළාත් පාලන ආයතන සඳහා අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද අද (19) දිනය දක්වා ලැබී තිබෙන සභිකයන්ගේ නම් ලැයිස්තු ගැසට් කිරීමට කටයුතු කරන බවත්, ප්‍රමාද වී ලැබෙන ලැයිස්තු පසුව ගැසට් කෙරෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද සභිකයන්ගේ ලේඛන කඩිනමින් දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණය අවසන් වීමත් සමග දැනුම්දීමට කටයුතු කර තිබිණි.
අතිරේක ලැයිස්තුවේ සභිකයන්ගේ නම් ලැබුණු පසුව ඒ ඒ පළාත් පාලන ආයතනයට තේරී පත්වූ සියලු සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කෙරෙන බවත්, ඡන්ද විමසීමකින් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපති තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ පසුව පමණක් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

මේ නිසා අදාළ අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා සභිකයන්ගේ නම් කඩිනමින් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන ලෙස දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories