දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණික ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.
අද (දෙසැම්බර් 02) උදෑසන 10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව, පුද්ගලයින් 336ක් තවමත් අතුරුදන්ව සිටී.
පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇත.