2026 ජූලි 29 බදාදා, 08:54
නවතම පුවත්

ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය.

විත්තිකරුවන් ගොනුකළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින්, 2012 ජූනි 15 වැනිදා කටුවන හැඩිවත්ත ලියනගේ රංජිත්ගේ නිවසේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී වෙඩිතබා දෙදෙනකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා පහකට නියම කළ දඩුවම අභියාචනාධිකරණය ස්ථිර කළේය.

2012 වසරේ කටුවනදී දෙදෙනකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ජුලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණය විසින් 2019 නොවැම්බර් 7 වැනිදා මරණ දඬුවම නියම කළේය.

මෙම වෙඩිතැබීමෙන් කටුවන, තල්වත්ත පදිංචි එදිරිමාන්නගේ මාලනී (50) සහ 18 හැවිරිදි J.P. නිමන්ත ග්‍රේෂන් මියගොස් ඇති අතර, 26 හැවිරිදි ප්‍රදීප් සාරංග බරපතළ තුවාල ලබා ඇත.

“සමස්තයක් ලෙස සාක්ෂි සලකා බැලීමේදී පැමිණිල්ල විසින් අභියාචකයාට එරෙහිව සාධාරණ සැකයෙන් ඔබ්බට තම නඩුව ඔප්පු කර ඇති බව ඉතා පැහැදිලිය. උගත් මහාධිකරණ විනිසුරුවරයා අභියාචනාකරු ඉදිරියේ ඉදිරිපත් කර ඇති සාක්ෂි සලකා බලා අදාළ නීතිමය මූලධර්ම මනසේ තබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් පසු අභියාචනාකරු වරදකරු කර ඇති බව මගේ අදහසයි.” විනිසුරු අබේකෝන් සඳහන් කළේය.

යූ.ආර්. ද සිල්වා, සාවිත්‍රි ප්‍රනාන්දු යන නීතිඥවරු විත්තිකරු වෙනුවෙන් පෙනීසිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories