2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:32
නවතම පුවත්

නායයෑම් රතු නිවේදන නිවාස කලාප 15000ක්

අධි අවදානම් කලාප සහිත ප්‍රදේශවල හඳුනාගත් නිවාස 15,000 ක් පිහිටා තිබෙන බවත්,ඉන් නිවාස 2,500 ක පදිංචිකරුවන් මේ වනවිට වෙනත් ස්ථානවල පදිංචි කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ (නායයෑම් හා පර්යේෂණ) ගාමිණී ජයතිස්ස ප්‍රකාශ කරයි.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14 වැනිදා) දා  පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

අධි අවදානම් කලාපවල පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවන බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් ,වෙනත් ප්‍රදේශවල නාය යෑම් සිදුවුවහොත් මෙම 15,000 කණ්ඩායමට තවත් පිරිසක් එකතු වන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ දිනවල වර්ෂාපතනය අනුව නාය යෑම් සිද්ධි 40 ක් පමණ මේ වනවිට වාර්තාවී තිබෙන බවත්,ඒවා සුළු සිද්ධි බවත් ඔහු කීවේය.

නිවාස ඉදිකිරීමේදී කඳු කැපීම නිසා එම පස් කණ්ඩි නිවාස මතට කඩා වැටීමේ සිද්ධි බහුලව වාර්තා වන බවත්,තමන්ගේ නිවස ආසන්නයේ අස්ථාවර පස් කණ්ඩියක් පිහිටා ඇත්තේ නම් මෙම වර්ෂාපතන තත්ත්වය සමග ඒ පිළිබදෙ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවැසීය.

නායයෑමට ලක්වන දිස්ත්‍රික්කවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ස්වයංක්‍රීය වර්ෂාමාන 330 ක් ස්ථාපිත කර තිබෙන බවත්,නායයෑම්වලට අදාළව නිවේදන නිකුත් කරනු ලබන්නේ මෙම ස්වයංක්‍රීය වර්ෂාමාන වලින් ලැබෙන දත්ත ආශ්‍රයෙන් බවත් ඔහු කීවේය.

ලංකාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ආපදා තත්ත්වය නායයෑම් බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කරයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories