මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් සොයාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20කින් 17කම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව අනාවරණය වී තිබේ.
මෙම අනාවරණය ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළිවිය.
මෙයට පෙර, කෙහෙල්බද්දර පද්මේ සහ ඉන්දුනීසියාවේ අත්අඩංගුවට ගත් බැකෝ සමන් නමින් පුද්ගලයෙකුගෙන් ලබාගත් තොරතුරු මත, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙණිය ප්‍රදේශයෙන් කිලෝග්‍රෑම් 50,000ක රසායනික ද්‍රව්‍ය සොයාගත් බව වාර්තා වේ.
මෙම පරීක්ෂණ කටයුතු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මණ්ඩලයන්ගේ මෙහෙයවීම යටතේ සිදුකර ඇත.
පසුව, සොයාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
ඒ අනුව, අදාළ සාම්පල සම්බන්ධ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාව පසුගිය සිකුරාදා පොලීසියට භාර දී ඇති බව වාර්තා වේ.