2026 ජූලි 28 අඟහරුවාදා, 12:12
නවතම පුවත්

ශ්‍රී ලංකා විනිසුරුවරුන් තිදෙනෙක් ජාත්‍යන්තර පිටියට අඩිය තබති

පාකිස්තානයට එරෙහිව අද (ජනවාරි 7) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි-20 තරගයේදී නවක ශ්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරුවරුන් තිදෙනෙකු සිය ජාත්‍යන්තර මංගල ගමන ආරම්භ කිරීම සුවිශේෂී සිදුවීමක් බවට පත්ව තිබේ.

මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස රවීන්ද්‍ර කොට්ටහච්චි සහ චාමර ද සොයිසා ප්‍රථම වතාවට ජාත්‍යන්තර පිරිමි තරගයකදී කටයුතු කරනු ලබයි. රවීන්ද්‍ර කොට්ටහච්චි මහතා මීට පෙර අන්තර්ජාතික කාන්තා එක්දින සහ විස්සයි-20 තරග 10ක අත්දැකීම් සහිත විනිසුරුවරයෙකු වන අතර, ඔහු 2006 වසරේ සිට පළමු පෙළ විනිසුරුකරණයේ නිරතව සිටින්නෙකි.

ඔහුගේ සහකරු ලෙස කටයුතු කරන චාමර ද සොයිසා මහතා 1994 සිට 2012 දක්වා ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු 2024 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සම්මාන උළෙලේදී දක්ෂතම දේශීය විනිසුරුවරයා ලෙසද පිදුම් ලැබීය.

මීට අමතරව, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග දෙකකට ක්‍රීඩා කර ඇති හිටපු ක්‍රීඩක හේමන්ත බොතේජු මහතා මෙම තරගයේ සිව්වැනි විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිය ජාත්‍යන්තර විනිසුරු දිවිය ආරම්භ කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories