අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පවසයි.
ආපදා තත්ත්වය පහව යාමත් සමඟ එම තීරණය ගත් බව එහි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා සඳහන් කළේය.
පැවති ආපදා තත්ත්වයත් සමග රථ වාහනවලට ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ගවල ගමන් කිරීමට මීට පෙර අවස්ථාව ලබා දී තිබුණි.