2026 ජූලි 31 සිකුරාදා, 20:11
නවතම පුවත්

රනිල්ට දුන් ආරක්ෂාව ගැන පතුරුවන කතා බොරු

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අපහාසාත්මක තොරතුරු සමාජගත කළ පුද්ගලයන් පිළිබදව වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කොළඹදී ඊයේ (ඔක්. 7) පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරය භාවිත කිරීම, ආහාර පාන ලබාගැනීම මෙන් ම ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් පිළිබඳව ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයක් අසත්‍ය පුවත් නිර්මාණය කර සමාජයේ වෛරයක් ඇතිකරවීමට උත්සාහ කරන බව ද නියෝජ්‍ය නායකයා සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඉවත් කර තිබෙන බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන නමුත් වැඩ බලන පොලිස්පතිවරයා එම පුවත ප්‍රතික්ෂේප කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

වැඩ බලන පොලිස්පතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති, මානව සම්පත් කළමනාකරණ සිසිර කුමාර පෙරේදා (ඔක්. 6) සවස ස්ථාන මාරුවීම් දක්වමින් ලිඛිත නියෝගයක් නිකුත් කර තිබෙන බවටත්, ඒ අනුව අටවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන්ට නම් කරන ලද පොලිස් කොට්ඨාස වෙත වහා ම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස නියෝග ලබා දී තිබෙන බවටත් සමාජ මාධ්‍ය වාර්තා කර තිබූ බව ද විජයවර්ධන මහතා කීය.

මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී පැය කිහිපයකට පසුව වැඩ බලන පොලිස්පතිවරයා එම මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ත් ආරක්ෂාවට සිටි සියලු නිලධාරීන් ආරක්ෂක රාජකාරිවල සිටින බව ත් ප්‍රකාශ කර ඇතැයිද නියෝජ්‍ය නායකයා පැවසීය.

එසේ ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ජනාධිපති මන්දිරය පෞද්ගලික පරිහරණයට යොදා නොගෙන නිල රාජකාරිවලට පමණක් භාවිත කළ බව ද හෙතෙම සඳහන් කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ සමයේදී කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය දේශීය සහ විදේශීය නිල රාජකාරිමය අවස්ථාවන්හිදී පමණක් භාවිත කළ බව ත් හිටපු ජනාධිපතිවරයා සහ වික්‍රමසිංහ මහත්මිය ඔවුන්ගේ පෞද්ගලික නිවසේ වාසය කළ බව ත් ඔහු කීය.

හිටපු ජනාධිපතිවරයා හෝ ඔහුගේ බිරියගේ අවශ්‍යතාවන් මත මුද්‍රිත ආහාර වට්ටෝරු, විදේශීය සුඛෝපභෝගී ආහාර පිළියෙල කිරීම හෝ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගෙන නැතැයිද රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

ජනාධිපති මන්දිරයේ නිල උත්සව වලට පැමිණෙන අමුත්තන්ට දේශීය ආහාරපානවලින් සංග්‍රහ කිරීමට ජනාධිපති මන්දිරයේ සේවය කරන සූපවේදීන්ගේ උපදෙස් මත දේශීය සැපයුම්කරුවන් මාර්ගයෙන් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගෙන ඇතැයිද නියෝජ්‍ය නායකයා ප්‍රකාශ කළේ ය.

එසේම පසුගිය දින කිහිපයේදී වර්තමාන ආණ්ඩුවට හිතවත් පාර්ශ්වය හිටපු ජනාධිපතිවරයා විසින් භාවිත කළ ජනාධිපති මන්දිරයේ මුළුතැන්ගෙය යැයි කියමින් විදේශ රටක මුළුතැන්ගෙයක වීඩියෝවක් සමාජගත කර තිබෙන බව කී හෙතෙම එවැනි තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය නිසි ලෙස වටහාගත නොහැකි අඩු බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයන් එය සමාජජාල මාධ්‍ය තුළ හුවමාරු කරමින් සිටින බව ත් සඳහන් කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා සුඛෝපභෝගී ආහාර සහ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගත් බවට පළකරන පුවත් අසත්‍ය මෙන්ම මුළුමනින් ම දේශපාලන වෛරයක් පිරිමහ ගැනීම සඳහා කරනු ලබන පහත් ගනයේ ඒවා පමණක් යැයිද ඔහු පැවසීය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories