2026 ජූලි 31 සිකුරාදා, 03:54
නවතම පුවත්

නන්දලාල් ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ වෙයි

මෙරට පුරෝගාමී ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් 2024 සඳහා ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නම්කර තිබේ.

LMD පවසන්නේ, දැඩි ලෙස ක්ෂය වී ඇති ආර්ථිකයක් නැවත පණ ගැන්වීමේ දුෂ්කර කාර්යය ආචාර්ය වීරසිංහගේ නායකත්වය යටතේ ආරම්භ වූ බවයි.

ඉදිරියේ ඇති අභියෝග පිළිබඳ ඔහු යථාර්ථවාදී දැක්මකින් යුතුව අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි බව පිළිගත් බවද එහි සඳහන් වේ.

මහ බැංකුවේ අධිපති ආචාර්ය වීරසිංහ පවතින තත්ත්වය සැබෑ ලෙස පිළිගනිමින් එම වසරේ දෙසැම්බර් මාසය දක්වා දුෂ්කරතා පවතිනු ඇතැයි අවංකව අනාවැකි පළකළ බව එම සඟරාව කියයි.

“ඔහු 2022 අප්‍රේල් මාසයේදී මහ බැංකු අධිපතිවරයාගේ භූමිකාව භාර ගන්නා විට, උද්ධමනය 29.8%ක් වූ අතර ක්‍රමයෙන් අඩුවීමට පෙර එම වසරේ නොවැම්බර් මාසයේදී උද්ධමනය 61% දක්වා ඉහළ ගියේය. දැඩි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ස්තූතිවන්ත වන්නට, උද්ධමනය 2023 ජූලි වන විට තනි ඉලක්කමක් දක්වා පහත වැටුණු අතර එය වසරක කාලය තුළ සැළකිව යුතු දියුණුවක් සනිටුහන් කළේය” යනුවෙන් සඟරාව තවදුරටත් සඳහන් කර තිබේ.

LMD විසින් නම්කරන ලද ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ සමාජයට 30 වැනියා ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ අනුව එකතුවෙයි.

1995 දී දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් ද මෙම විශිෂ්ට සම්මාන අතරට ශ්‍රේණිගත වී ඇත.

LMD හි ප්‍රකාශන ආයතනය පවසන්නේ සඟරාවේ මුද්‍රිත සංස්කරණය නිකුත් කර ඇති අතර ඩිජිටල් පිටපත WhatsApp සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා මගින් ලබා ගත හැකි බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories