ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ (03) ජනාධිපතිවරයා හමුවිය.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.
එහිදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක් කෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ අරමුණු සමග ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව මෙහිදී තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළගාවීමේ වැදගත්කම ද අවධාරණය කළේ ය