පසුගිය නොවැම්බර් මස 16 වන දින සිට අද (දෙසැම්බර් 11) දක්වා වූ කාලය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000කට අධික පිරිසක් තවමත් තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථානවල ජීවත් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිවේදනය කරයි.
අද (11) උදෑසන 6ට නිකුත් කර ඇති නවතම සමස්ත ආපදා විස්තරය අනුව:
- බලපෑමට ලක්වූ පිරිස: දිස්ත්‍රික්ක 25ක පවුල් 524,678කට අයත් පුද්ගලයින් 1,814,421 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ.
- ජීවිත හානි: පුද්ගලයින් 639 දෙනෙකු ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පුද්ගලයින් 193 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇත.
- වැඩිම මරණ සංඛ්‍යාවක් වන 234 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
- නිවාස හානි: ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් පූර්ණ නිවාස හානි 5,346ක් වාර්තා වන අතර, අර්ධ නිවාස හානි 86,245ක් වාර්තා වී තිබේ.
- සුරක්ෂිත මධ්‍යස්ථාන: ඇති වූ ආපදා හමුවේ අවදානමට ලක්වූ පවුල් 26,841කට අයත් පුද්ගලයින් 85,351ක පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථාන 873ක තවමත් තාවකාලිකව පදිංචි කර සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.