2026 ජූලි 29 බදාදා, 23:46
නවතම පුවත්

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

කප්පම් ලබානොදීමේ සිද්ධියක් මුල්කරගෙන හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ව නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පසුගිය 30 වනදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එම ඝාතනය සිදුකළ වෙඩික්කරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඩුබායිහී සැඟව සිටින ලලිත් කන්නංගර නමැති පාතාල කල්ලි සාමාජිකයා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවත් මේ සමගම ඔහු කප්පම් ඉල්ලූ ව්‍යාපාරිකයන් පිරිසක් එම ප්‍රදේශයේ නිවෙස් අතහැර ගොස් ඇති බවත් පොලීසිය පැවසීය.

එම ව්‍යාපාරිකයන් ඔහුගේ මරණ තර්ජනවලට ඇති බිය හේතුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කර ඇත.

මෙම සිදුවීම් සියල්ල සම්බන්ධයෙන් බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කළේය.

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවසකට 30 වනදා රාත්‍රී 8.15ට පමණ පැමිණි නාඳුනන තුවක්කුකරුවකු එහි පදිංචිව සිටි ව්‍යාපාරිකයාව ඝාතනය කර තිබුණි.

වෙඩික්කරු අපරාධය සඳහා නිවසෙහි වූ තාප්පයකින් පැන පැමිණෙන අයුරු සහ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු පළා යන ආකාරය ද සීසීටීවී කැමරාවක සටහන්වී තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වජිර නිශාන්ත නමැති 55 හැවිරිදි ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ නිවසට 2021 වසරේ ද වෙඩි තබා ඇති අතර ඔහුගේ ව්‍යාපාරික ස්ථානයකට ද ගිනි තබා ඇත.

ලලිත් කන්නංගර නමැත්තා මීට පෙර අවස්ථා ගණනාවකදීම ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර එම මුදල් ලබානොදීම නිසා ඔහුට හා පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන සිදුකර තිබේ.

අවසන් කාලයේදී අදාළ ව්‍යාපාරිකයා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලලිත් කන්නංගර නමැත්තා උරණව සිට ඇති බව පොලීසිය පවසයි.

ලලිත් කන්නංගර බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කිරීමට කොළඹට පැමිණි මුල් අවධියේ ඔහුව සිය නිවසේ රඳවාගෙන උදව් උපකාර කරනු ලැබ ඇත්තේද ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා විසිනි.

එමෙන්ම අදාළ පුද්ගලයාට රියදුරු බලපත්‍රය ද සකස්කර දී ඇත්තේ, ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා බව පොලීසිය සඳහන් කළේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories